ad

Breaking News

ජනපතිගෙන් අලුත්ම අයවැය යෝජනාවක්...

මෙරට සියලුම ජනවර්ගව සංස්කෘතීන් සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් ඉදිිරි අයවැය යෝජනාවලියට ඇතුලත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ යාපනයේ වැල්වෙටිතුරෙයි හි පැවති ජන හමුවක් අමතමිනි.මෙතෙක් ජාතික ආගමික සංස්කෘතික උත්සව වෙන වෙනම සැමරුවත් ශ්‍රී ලාංකික ජාතියම එකට සමරන උත්සවයක් නොතිබූ බවත් එනිසා ඔක්තෝම්බර් මාසයේදී සියලු දෙනා එක්ව එම මහා මංගල්‍යය සමරන බවත් පැවසූ ඔහු සියලු ජාතීන්ගේ සංස්කෘතිය, ආගම, ජාතිකත්වය, ආහාර රටා ජීවන රටා, සංගීත, නාට්‍ය, කාව්‍ය ආදී සියලු දෑ එම ජාතික උත්සවයේදී සමරනු ලබන බවද ජනාධිපතිවරයා පැවසුවේය.

“දෙමළ, සිංහල, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් අපි ඔක්කොම එකතුවෙලා සමරන දිනයක් ඕන නැද්ද?.

අපි සැලසුම්කරලා තියෙනවා ඔක්තෝබර් මාසයේ මේ සියලු ජනප්‍රජාවන්ගේ සංස්කෘතීන්, ආහාර රටා, ජීවන රටා…ඒ වගේම අඳින පළදින රටා, සංගීතය මේ ඔක්කොම එකතුකරලා ජාතියේ මහා මංගල්‍යයක් පවත්වන්න.අපි ඈත්වෙලා හිටියට අපේ දරුවන්ට ඈත්වෙලා ඉන්න දෙන්න හොඳ නෑ. අපේ පරම්පරාව යුද්ධ කරගත්තට අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නෑ.උතුර, දකුණ, නැගෙනහිර සියලු ජන දරුවන් එකට එකතුවෙන රාජ්‍යක් බවට අපි මේ රාජ්‍ය පත්කරනවා”