ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගිවිසුම අත්සන් නොකිරීමට තීරණය කර තිබේ
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගිවිසුම අත්සන් නොකිරීමට තීරණය කර තිබේ
එළඹෙන එංගලන්ත සංචාරය සඳහා තෝරාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එම සංචාරය සඳහා ගිවිසුම අත්සන් නොකිරීමට තීරණය කර තිබේ.ක‍්‍රීඩකයන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥයා විසින් මේ බව නිවේදනය කරයි.
එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ නවක ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී ඇති වී තිබෙන අක්‍රමිකතා සහ එහි විනිවිදභාවය ගැන ඇති බරපතළ ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.එමෙන්ම එංගලන්තය සඳහා මෙන්ම ඊට පසු එළඹෙන කුමන හෝ සංචාරවලට අදාල ගිවිසුම් ද එම ක්‍රීඩකයන් විසින් අත්සන් නොකිරීමට තීරණය කර තිබේ.කෙසේ කෙසේ නමුත් ගිවිසුමට අත්සන් කිරීමට එකඟ නොවුණත් එංගලන්ත සංචාරය ඇතුළු අනෙකුත් සංචාර වලට ක්‍රීඩා කිරීමට සියලුම ක්‍රීඩකයන් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.
