ad

Breaking News

රාත්‍රි 8.00න් පසු දුම්රිය නෑ

 

රාත්‍රි 8.00න් පසු දුම්රිය නෑ

ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අද රාත්‍රි 8.00ට පෙර පිටත්වීමට නියමිත දුම්රිය පමණක් නියමිත පරිදි ධාවනය වන අතර රාත්‍රි 8.00 න් පසු ආරම්භ වන කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර අද ධාවනය වීමට නියමිතව තිබූ සියලුම රාත්‍රි තැපැල් දුම්රියන් ද අවලංගු කර තිබෙනවා. 

කෙසේ නමුත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව යලි හෙට දිනයේ දුම්රිය ධාවනය ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.