ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.ඔහුට සමිප මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කළේය.ජපානයේ NHK රූපවාහිනිය පැවසුවේ සෞඛ්‍ය ගැටළු මුල් කර ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වීමට අග්‍රාමත්‍යවරයා සැලසුම් කර ඇති බවයි.සිය තීරණය පිළිබඳ පැහැදිලි කිරිම සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමතය.2012 වසරේදී අග්‍රාමාත්‍ය ධූරයට පත් ශින්ෂෝ අබේ දීර්ඝ කාලයක් ධූරයේ රැඳී සිටි එරට නායකයා ලෙස සැළකේ.
