තමන් ජනතාවගේ බර කර ගසන නාට්ටාමි කෙනෙක් බවත් තමන් එම රැකියාව ඉතා ගෞරවයෙන් භාර ගන්නා බවත් මාධ්‍යවේදී චමුදිත කියයි
තමන් ජනතාවගේ බර කර ගසන නාට්ටාමි කෙනෙක් බවත් තමන් එම රැකියාව ඉතා ගෞරවයෙන් භාර ගන්නා බවත් මාධ්‍යවේදී චමුදිත කියයි.
තමන් ජනතාවගේ බර කර ගසන නාට්ටාමි කෙනෙක් බවත් තමන් එම රැකියාව ඉතා ගෞරවයෙන් භාර ගන්නා බවත්,හිර ගෙවල් 1000ක දැම්මත්, වෙඩි පිට වෙඩි ආවත්, කියන දේ කියනවා.මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.
ඒ හිරු රූපවාහිනියේ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද පෙරවරුවේ ඔහු එක්වෙමින් මේ අදහස් පළ කළේය.
තවද නිරෝධායන නීතිය ක්‍රියාත්මක වීමේ දී රටේ පුද්ගලයන්ගේ තරාතිරම අනුව ඔහු නීතිය වෙනස් විය නොහැකි බව ද , ඔහු පැවසීය.නීතිය බාර ඇමති සරත් වීරසේකර එම ඇමැති ධුරයේ රාජකාරී නිසි ලෙස කළයුතු බවත්, නිරූපිකාවන්ගේ ඇඳුම් අදින එක ඔහුගේ කාර්යයක් නොවන බවත්, ඒ මහතා එහිදී කියා සිටියේය.ෂැංග‍්‍රිලා හෝටලයේ උපන් දින සාදය සම්බන්ධයෙන් තවත් සැගවුනු තොරතුරු රැසක් සතු බවත් අවශ්‍ය මොහොතක ඒවා හෙලි කිරිමට සූදානම් බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.