SLS ප්‍රමිති ලාංඡනය හොරට යෙදූ ජල බෝතල් තොගයක් විනාශ කරයි...
SLS ප්‍රමිති ලාංජනය හොරට යෙදු පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ සඳහා අවශ්ය කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය ඔක්තෝම්බර් මස සිදු කළ වැටලීමකට අදාළව සිදු වූ නඩු පැවරීමකදී.... ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද යම් වෙළද නාමයක් සහිත පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් වෙළදපොලට නිකුත් කිරීමට පූගොඩ දන්ගල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගමක් කටයුතු කර අවසන්.
ඒ අනුව එම සමාගමට සහ එහි බදු ගණුදෙනුකාර සමාගමක් අධ්‍යක්ෂ සේවා සපයන්නෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදල් නියම කිරීමට අධිකරණය නියම කර තිබේ. එසේ නිෂ්පාදනය කර තිබු රුපියල් මිලියනයකට අධික වෙළදපොළ වටිනාකමක් සහිත පානීය ජල බෝතල් තොගය අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට පුගොඩ මහේත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබේ ඒ අනුව පසුගිය 20 වැනි දින අදාළ පානීය ජල බෝතල් තොගයෙන් ඉවත්කරනු ලැබු අතර හිස් බෝතල් ප්‍රතිචරීකරණය සඳහා යොමු කරනු ලැබේ.
ඊට අදාළ සමාගමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංඡනය ව්‍යාජ ලෙස භාවිතා කරන ලද අසත්‍යය ඔප්පුවක් සිදු කර පාරිභෝගිකයා නොමග යැවීම චෝදනා දෙකක් යටතේ නඩු පැවරීමටත් පියවර ගෙන තිබේ.එම අධිකාරිය වෙළඳපොළේදී පරිභෝගිකයන්ට සිදුවන අසාධාරණයන් වැලක්වීමටත් මෙවැනි ක්‍රියාවන් මගින් පාරිභෝගිකයන් නොමග යැවීමට සහ රැවටීමට කටයුතු කරන වෙළදුන් සම්බන්ධව නිරන්තරව අවධානයෙන් සිටින අතරතුර නීතිය තදින්ම ක්‍රියාත්මක වන පාරිභෝගිකයන් කටයුතු සම්බන්ධ නිලවිටම කටයුතු කරන බව.
