ad

Breaking News

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර මාලාවක්...

 

රුසියාව විසින් යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සිදුකර තිබේ.ඊයේ (22) රාත්‍රී කාලයේ එල්ල කළ අදාළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන්ගේ නිශ්චිත සංඛ්‍යාවක් මෙතෙක් වාර්තා වී නොමැති බව යුක්‍රේන බලධාරීන් සඳහන් කර ඇත.

රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර 267ක් පමණ මෙලෙස එක්වර දියත් කර ඇති බව යුක්‍රේන ගුවන් හමුදාව ප්‍රකාශ කර තිබේ.කෙසේ වෙතත් ඉන් ප්‍රහාර 100ක් පමණ වළක්වා ගැනීමට හැකිවී ඇති බව සඳහන් වේ.

රුසියාව විසින් යුක්‍රේනය පූර්ණ වශයෙන් ආක්‍රමණය කිරීම ආරම්භ කර වසර තුනක් සම්පූර්ණ වීමට එක් දිනයක් පමණක් ඉතිරිව තිබියදී මෙම ප්‍රහාරය සිදුවීම විශේෂ කරුණකි.