ad

Breaking News

රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැහැ - ජනපති

 

රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඒ බව සඳහන් කළේය.ජනාධිපතිවරයා කියා තිබිය යුතු මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හුදු පාතාල කල්ලි අතර ගැටුමක් බව ය මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බවත්ය.

සූදානම් වන අදහස් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම තර්ජනයක් නැහැ. පාතාල කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණයවෙලා තියෙනවා. එය මහජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් වී නැහැ. නමුත් මෙම පාතල කණ්ඩායම් කාලයක සිට වර්ධනය වුණු විවිධ ක්ෂේත්‍රවලට, ආයතනවලට පැතිරිලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ සබඳතාවන් විනාශකාරී ජාලයක් බවට වර්ධනය වෙලා තියෙනවා. අපි දැඩි උත්සාහයක් ගන්නවා මැඩපවත්වන්න. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. මේවා වර්ධනය වූයේ දේශපාලන රැකවරණය යටතේ. දැන් දේශපාලන රැකවරණය නැහැ. අනෙක් අතට අපට සමහර තොරතුරු ලැබී තිබේ අපි ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත. හුදු පාතාල කල්ලි තව කල්ලියක් එක්ක ගැටුමක් ද, මේ පිටුපස කවරහෝ හස්තයක් විසින් මෙය සියල්ල කර මෙහෙය වනවාද කියන සැකය ගොඩ නැගෙමින් ඇත. ඒ පිළිබඳ පරීක්ෂණ අපි ආරම්භ කරලා තියෙන්නේ."