ad

Breaking News

සේරුවිල විහාරාධිපති පදවි අරගලය.

සේරුවිල විහාරාධිපති පදවි අරගලය.

සේරුවිල මංගල රජ මහා විහාරයේ විහාරාධිපති ධූරය සම්බන්ධයෙන් මේ වන විට බරපතල ගැටළු සහගත තත්වයක් උදාවී ඇති බව පෙනේ.

සේරුවිල මංගල රජ මහා විහාරයේ අයිතිය සතු බව කියන සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සේරුවිල මංගල රජ මහා විහාරයේ විහාරාධිපති ධූරය සදහා අළුදෙණියේ සුබෝධි හිමියන් නම් කර වැඩිදුර කටයුතු සදහා එය මහනාහිමියන් වෙත ඉදිරිපත් කර ඇති බවයි. එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කොටපොළ අමරකිත්ති හිමියන්ගේ පාර්ශවය නියෝජනය කරන හම්බෙගමුවේ අස්සජී හිමියන් කියා සිටියේ; චෛත්‍යාවර්ධන සමිතියට එසේ විහාරස්ථානය සම්බන්ධයෙන් තීරණ ගැණීම වළක්වමින් අධිකරණ වාරණ නියෝගයක් පවතින බවත්; විහාරාධිපති ධූරය සදහා යම් අයෙකු පත් කිරීමේදී විහාරය අයත් අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක සභාවේ අනුමැතිය හිමිවිය යුතු බවත්ය.නැවත මැයි මස 18 දිනයේ නැවත වරක් චෛත්‍යාවර්ධන සමිතිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ; සේරුවිල මංගල රජ මහා විහාරයේ විහාරාධිපති ධූරය සදහා කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් පත් කර ඇති බවකි.

කෙසේ වෙතත් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා සේරුනුවර ප්‍රාදේශීය ලේඛම්වරයා වෙත පිටපත්  යොමු කර ඇති ලිපිය මගින් විහාරාධිපති පදවිය සදහා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහනායක හිමියන් වන දොඩම්පහළ චන්ද්‍රසිරි මහනායක ස්වාමීන්වහන්සේ පත් කර ඇති බව දන්වා ඇත.

සේරුවිල මංගල රජ මහා විහාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන තොරතුරු වල සැබෑ තත්වය කවරේද යන්න සහ අභිනව විහාරධිපති කවුද යන්න මේ වන විට දැඩි අර්බුදයකට හේතු වී ඇත. මෙයට හේතු වී ඇත්තේ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමිගේ මහමෙව්නා අසපුව සහ චෛත්‍යවර්ධන සමිතිය එක්ව විහාරය අයත් නිකායට සහ මධ්‍යම රජයට පටහැනිව විහාරාධිපතිවරයෙක් පත් කරගැනීමයි.