හෙට සිට ජනතාවට දැඩි සීමා – සියල්ල මෙන්න
හෙට සිට ජනතාවට දැඩි සීමා – සියල්ල මෙන්න.
*හෙට (25) දිනයේ වාහනවලින් ගොස් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන අතර ළඟම පිහිටි වෙළඳසැලට පමණක් ගමන් කිරීමට අවස්ථාව සැලසෙන බව රජය පවසනවා.
*හෙට දිනයේ විවෘත කිරීමට අවස්ථාව ලැබෙන්නේ සුපිරි වෙළඳසැල්, සිල්ලර කඩ, බේකරි අලෙවිසැල්, එළවළු පළතුරු වෙළඳසැල්, ෆාමසි පමණයි.
*හැඳුනුම්පත් අංක ක්‍රමය හෙට දිනයට වලංගු නොවන අතර ගෙදරින් එක් අයෙකුට පමණක් වෙළඳසැලට යාමට හැකියාව ලැබෙනවා.
*රාජ්‍ය අංශයේ සේවකයන් අවශ්‍යතාව මත සේවයට කැඳවන්නේ නම් යාමට හැකියාව ලැබෙනව බව අමාත්‍ය ප්‍රසන්න රනතුංග පවසනවා.
