අයි. පී. එල්. තරගාවලියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට දොර වැසුණු හේතුව මහේල සංගා පැහැදිලි කරයි
අයි. පී. එල්. තරගාවලියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට දොර වැසුණු හේතුව මහේල සංගා පැහැදිලි කරයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයි. පී. එල්. තරගාවලියේ ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයෙකුට අවස්ථාවක් හිමිනොවීම තුළ මෙරට ක්‍රීඩකයන්ට ඒ හරහා යම් පණිවුඩයක් ලබාදී ඇති බව හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම අයි. පී. එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සඳහන් කරයි. එමෙන්ම හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම මෙවර අයි.පී.එල්. තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කුමාරි සංගක්කාර සඳහන් කරන්නේ ඉදිරියේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නරග කාල සටහන නිශ්චිතව, නොමැති බැවින් එය මෙවර අයි. පී. එල්. තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ට අවස්ථාව හිමිනොවිමට හේතු වූ බවයි.
