කොරෝනා මෘතදේහ භූමදානයට අවසර.... ගැසට් පත‍්‍රය මුද්‍රණයට
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා අවසර දීමට තීරණය වී තිබේ.ඒ අනුව ඒ සඳහා අවසර ලබාදෙන ගැසට් පත්‍රය මුද්‍රණය සදහා යොමු කර ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර ඇත.ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ඇමතිනිය මේ බව සදහන් කල බව ඇමති එස්.එම්. චන්ද‍්‍රසේන මහතා කියා සිටියේය.
