කැටගොඩ ඉල්ලා අස්වී බැසිල් පාර්ලිමේන්තු යයිද ?
කැටගොඩ ඉල්ලා අස්වී බැසිල් පාර්ලිමේන්තු යයිද ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.එමෙන්ම ඔහුට ප්‍රබල ඇමති ධූරයකද ඉන්පසු දිවුරුම් දෙනු ඇතැයි එම වාර්තාවන්හි සදහන් කර ඇති අතර ඒ මහතාට පාර්ලිමේන්තු පිවිසීමට ඉඩකඩ සලසා දීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතා තම මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයිද එම වාර්තාවල සදහන් වේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් කියා සිටියේ අද දිනයේ හෝ ආසන්න දිනයක එවන් සූදානමක බැසිල් රාජපක්ෂ මහතා සිටින්නේ යයි තහවුරු කල නොහැකි බවයි.
