2011 ලෝක කුසලාන අවසන් තරඟය පිලිබඳ පරීක්ෂණ අවසන් වෙයි
2011 ලෝක කුසලාන අවසන් තරඟය පිලිබඳ පරීක්ෂණ අවසන් වෙයි.
නිවේදනයක් නිකුත් කරන පොලිස් මූලස්ථානය පවසන්නේ ඒ සම්බන්ධයෙන් අද දින වැඩබලන පොලිස්පතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ද ප්‍රකාශ කළේ තම පරීක්ෂණ නතර කරමින් අදාළ සිද්ධිය පිළිබඳව මෙතෙක් සිදු කළ පරීක්ෂණයේ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන බවයි.තවද අදාළ චෝදනාව කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදෙමින් සදහන් කළ කරුණු තහවුරු කළ නොහැකි බව ක්‍රීඩකයින් හා හිටපු තේරීම් කමිටු සභාපතිවරයා ලබා දුන් ප්‍රකාශ තුළින් තහවුරු වීම පරීක්ෂණය නතර කිරීමට හේතු වූ බව ද අදාළ ඒකකය ප්‍රකාශ කළේ ය.මීට අදාළව හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා , හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර විමර්ශන ඒකකය ප්‍රකාශ ලබා ගත්තේ ය.
