ad

Breaking News

තවත් කොරෝනා ආසාධිතයෙක් වැලිකඩ බන්ධනාගාරයෙන්


තවත් කොරෝනා ආසාධිතයෙක් වැලිකඩ බන්ධනාගාරයෙන්.  මෙම රැඳවියා  බන්ධනාගාරයේ කොණ්ඩා කැපීමේ කටයුත්තේ නිරතවෙලා....

කොරෝනා ආසාදිත වූ තවත් රැදවියෙකු වැලිකඩ බන්ධනාගාරය තුලින් තහවුරු වී ඇති අතර මෙම රැඳවියා  බන්ධනාගාරයේ කොණ්ඩා කැපීමේ කටයුත්තේ යෙදී සිටියෙකු බවය වාර්තා වන්නේ.

කන්දකාඩු සිට ගෙනවිත් තිබූ රැදවියන් කිහිප දෙනෙකු සිටි කුටියේ මෙම සිරකරුද රදවා සිට ඇති අතර ඔහු බන්ධනාගාරයේ වාට්ටු ගණනාවක කොණ්ඩා කැපීම සිදු කොට ඇති බවද  වාර්තා වෙයි.ඒ අනුව එම රැදවියා හට  කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු ජාතික උණ රෝහල වෙත මාරුකර යවා තිබේ.