ad

Breaking News

ජංගම දුරකථන වීඩියෝ ක්‍රීඩා නිසා තරුණයෙකුට දිවි අහිමිවෙයි


ජංගම දුරකථන වීඩියෝ  ක්‍රීඩා නිසා තරුණයෙකුට දිවි අහිමිවෙයි

ජංගම දුරකථනයෙන් නිතර වීඩියෝ ක්‍රීඩා වල නිරත වූ තරුණ විවාහකයකු මොළයේ නහරයක් පුපුරා යෑමෙන් මිය යාමේ සිද්ධියක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයකදී අනාවරණය වුණා.මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කොළඹ 13, කි‍්‍රස්ටි පෙරේරා මාවතේ පදිංචිව සිටි ජයරාමන් සුරේන්ද්‍රන් නම්  32 වියැති  එක්දරු පියෙකි.කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී මලින්ත ද සිල්වා මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර ඉදිරිපත්වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි මහත්මිය මෙම මරණය මොළයේ නහරයක් පුපුරා යෑමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කළා.