බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 8 ක ජල කප්පාදුවක්
බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 8 ක ජල කප්පාදුවක්
එළඹෙන 23 වන දින බත්තරමුල්ල බටපොත ජල ටැංකියට ජලය සැපයෙන ජල නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් පුරාවට බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.මෙම ජල කප්පාදුව අදාළ වන්නේ බත්තරමුල්ල , කොස්වත්ත , තලාහේන , මාළඹේ , ජයවඩනගම සහ තලවතුගොඩ ප්‍රදේශ සඳහා පමණක් බවද සඳහන්.
