ad

Breaking News

Zoom මෘදුකාංගය යාවත්කාලීන කරගන්නා ලෙස අනතුරු ඇගයීමක් - ITSSL


සයිබර් ප්‍රහාරයකට ගොදුරු වීමට පෙර Zoom මෘදුකාංගය යාවත්කාලීන කරගන්නා ලෙස අනතුරු ඇගයීමක් - ITSSL

සයිබර් ප්‍රහාරයකට ගොදුරු වීමට පෙර Zoom මෘදුකාංගය යාවත්කාලීන කරගන්නැයි අනතුරු ඇගවීමක්  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහාතා  ශ්‍රී ලාංකීය අන්තර්ජාල පාරිශිලකන්ගෙන් ඉල්ලා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටි. එම නිවේදනය මෙසේය,

COVID-19 වසංගත තත්වය හේතුවෙන් නිවසේ සිට සේවා කටයුතු සිදුකිරීමට සහ අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමට මහත්සේ ඉවහල් වූ ශ්‍රී ලාංකික ජනතාව අතරද වඩාත් ප්‍රචලිත වූ Zoom නම් ටෙලි සම්මන්ත්‍රණ මෘදුකාංගයෙහි ආරක්ෂක දෝෂයක් හදුනාගැනීමට හැකිවී ඇත. මෙම ආරක්‍ෂිත දෝෂය උපයෝගී කොටගෙන සයිබර් ප්‍රහාරකයෙකුට පරිශීලකයන්ගේ පරිගණකයෙහි කිසිදු ආරක්ෂක අනතුරු ඇඟවීමකින් තොරව අනිෂ්ට කේතයක් ක්‍රියාත්මක කිරීම සිදුකල හැකිය. මෙම ආරක්‍ෂිත දෝෂය පවතින්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියේ සහ ඉන් පෙර වින්ඩෝස් සංස්කරණ වල වන අතර ආරක්‍ෂිත යාවත්කාලීන ලබාගෙන ඇති වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධති භාවිතා කරන පරිගණක පවා මෙම ආරක්‍ෂිත දෝෂයට ගොදුරු විය හැකිය.

ශ්‍රී ලංකාවේද බොහෝ පරිගණක ප්‍රමාණයක් ආයතනික වශයෙන්ම මෙන්ම පෞද්ගලික වශයෙන් තවමත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන බැවින් Zoom මෘදුකාංගයෙහි නවතම යාවත්කාලීන වහාම ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු.