ad

Breaking News

වැලි ප්‍රවාහන බලපත්‍රය අහෝසි කිරීමෙන් රජයට අහිමි වී ඇති ආදායම රුපියල් ලක්ෂ දොළොස් දාහක්


වැලි ප්‍රවාහන බලපත්‍රය අහෝසි කිරීමෙන් රජයට අහිමි වී ඇති ආදායම රුපියල් ලක්ෂ දොළොස් දාහක්


වැලි , ගල් සහ පස් ප්‍රවාහනයට පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ මැයි මාසය දක්වා කාලය තුළ රජයට අහිමි වී ඇති ආදායම රුපියල් ලක්ෂ දොළොස් දාහක් බව පවසන අතර රජයට ලැබිය යුතු රාජ්‍ය භාගය , බලපත්‍ර ගාස්තු , පරීක්ෂණ ගාස්තු , ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් මෙම පාඩුව සිදුව ඇති   බව භූ විද්‍යා සමීක්ෂණ සම පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා සති අන්ත රාවය පුවත්පත සමග පවසා තිබේ.ඒ අනුව ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන්  අනවසර කැණීම් ද වැඩි වී ඇති බව එම පුවත්පත වාර්තා කරයි.