ඉන්දීය සුපිරි නළුවෙක් සියදිවි නසා ගනියි
බොලිවුඩ් නළු සුශාන්ත් සින්ග් රාජ්පුත් සියදිවි හානිකරගෙන තිබේ.මුම්බායි හි පිහිටි සිය නිවසේ දී ඔහු සියදිවි හානිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට 34 හැවිරිදි වියේ පසුවු සුශාන්ත්සින්ග් සිය පවුලේ සාමාජිකයින්ගෙන් වෙන්ව තනිව නිවසක වාසය කර ඇති අතර ඔහු පසුගිය දිනවල කිසියම් ගැටලුකාරී තත්ත්වයකින් පසුවී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව සඳහන්. ටෙලි නාට්‍ය මාලාවන් හරහා රංගන දිවියට පිවිසි සුශාන්ත් සින්ග් පසුව චිත්‍රපට රංගනයට යොමු වීය. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්.දෝනිගේ චරිතාපදානය මූලික කරගත් චිත්‍රපටයේ දෝනිගේ චරිතය නිරූපනය කිරීමේ අවස්ථාව ඔහුට හිමි විය. සුශාන්ත් සින්ග්ගේ හිටපු කළමනාකාරවරිය ද පසුගිය සතියේ සියදිවි හානිකරගෙන තිබූ අතර එය ඉතා සංවේගජනක පුවතක් බව සුශාන්ත්සිං සිය ටිව්ටර් ගිණුමේ සටහනක් ද තබමින් ප්‍රකාශ කර තිබුණේය.
