සුනිල් ජයවර්ධනට ගෞරවයක් පිණිස අද පස්වරුවේ විනාඩි 30ක කාලයක් සදහා ත්‍රීරෝද රථ ධාවනය නතර වෙයි
කල්බදු සමාගමක සේවකයින් පිරිසක් යැයි කියන කණ්ඩායමකගේ අමානුෂික පහර කෑමකින් ඝාතනයට ලක් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු කැස්බෑව පොදු සුසාන භූමියේදී අද (14) පස්වරුවේ සිදු කෙරුණු අතර සුනිල් ජයවර්ධන මහතාට ගෞරවයක් දැක්වීම පිණිස අද පස්වරුවේ විනාඩි 30 ක කාලයක් සදහා ත්‍රීරෝද රථ ධාවනයෙන් ඉවත්වීමට සංගමය තීරණය කර තිබුණි. ඒ අනුව අද සවස 2.30 සිට 3.00 දක්වා අතර කාළයේ රටේ සියළුම ත්‍රිවිල් රථ රියදුරන් ධාවනයෙන් ඉවත් වී සිටිනු දකින්නට ලැබී ඇත.
