ad

Breaking News

මංගලට නැවතත් එජාපයට එක් වන්නයි ආරාධනා


පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රික්ක අපේක්ෂක හිටපු ඇමැති මංගල සමරවීර මහතාට නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක් වන්නයි ආරාධනා කර ඇත.එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමැති නවීන් දිසානායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සමරවීර මහතා විශාල කාර්යයක් සිදුකර ඇති බවත් එජාපයේ දියුණු වෙනුවෙන් නැවත අත්වැල් බැද ගන්නා ලෙස ඔහුට ආරාධනා කරන බවත් දිසානායක මහතා පැවසුවේය.

මේ අතර නිල නොවන වාර්තා සඳහන් කරන්නේ මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් මංගල සමරවීර මහතාට හිමිවනු ඇති බවයි