ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත Ransomware සයිබර් ප්‍රහාරයක් - ITSSL
කප්පම් මෘදුකාංගය යොදා එල්ල කළ සයිබර් ප්‍රහාරයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර ජාලයට එල්ල වී ඇතැයි වාර්තාවේ.එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පාරිභෝගික සේවා ද ඇනහිට ඇති අතර මේ අනුව 1212 සහ 0112121212 යන පාරිභෝගික සේවා දුරකථන අංකයන්ද 23, 24 දෙදින ක්‍රියාත්මක නොවූ අතර මේ නිසා ටෙලිකොම් පාරිභෝගිකයන් ද මහත් අපහසුතාවන්ට පත්ව සිටිති.නිවසේ සිට සේවය කරන ටෙලිකොම් ආයතනයේ නිලධාරීන්ට එහි පරිගණක ආරක්ෂණ පද්ධතියට ඇතුළු වීමට අවස්ථාව ලබාදීමත් සමග හැකර්වරුන් විසින් සයිබර් ප්‍රහාරය එල්ල කර ඇතැයි කියැවේ.මේ හේතුවෙන් සෙනසුරාදා (23දා) සිට ටෙලිකොම් නිලධාරීන්ට පරිගණක මගින් ආයතන පරිගණක දත්ත පද්ධතියට ඇතුළු නොවන ලෙස දන්වා තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙය .covm / .koti Ransomware සයිබර් ප්‍රහාරයක් බවයි.පහතින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කල නිවේදනය දැක්වේ,
බොහෝ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ දිනවල නිරන්තරයෙන් වෙනස් වන සංස්කරණ 200 කට වඩා ඇති Djvu Ransomware පවුලට අයත් Covm හා Koti යන Ransomware සයිබර් ප්‍රහාර වලට ගොදුරු වී ඇතැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇත. Djvu Ransomware පවුලෙහි 226 වන සාමාජිකයෙකු ලෙස Koti Ransomware මේ මස නිකුත් වී ඇත. Koti නවතම Ransomware වර්ගයක් බැවින් මේ සදහා මේ වනතෙක් කිසිදු decryption මෘදුකාංගයක් නිපදවා නොමැත. මේ නිසා පරිගණක මෘදුකාංග නිල වෙබ් අඩවි වලින් පමණක් ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.

