ඉතාලි නෞකාවක සිරවී සිටි පුද්ගලයා ජනපති අණින් බේරාගනී
ඉතාලි මගී නෞකාවක සේවය කරන පුද්ගලයෙකු විසින් තමන් ශ්‍රී ලංකාවට භාරගන්නා ලෙස කරන කරන ලද ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය දී තිබේ.මෙම ලාංකිකයා අනුර බණ්ඩාර හේරත් නම් පුද්ගලයෙකු වන අතර ලොව වටා සංචාරයේ යෙදෙන MSC Magnifica නෞකාවේ අරක්කැමියෙකු ලෙස සේවය කරන්නෙකි.
තමන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවස්ථාවක් නොලද හොත් අසීරුතාවට පත්වන බව සලකා තමන්ට ලංකාවට ඇතුළු කරගන්නැයි ඔහු ඉල්ලා තිබිණ.ඒ අනුව මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට භාරගැනීම සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවක් එම නෞකාව සමීපයට ගොස් ඇත.
නමුත් එම නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට ඉඩ නොදෙන බවත් ශ්‍රී ලාංකිකයා ලබා ගැනීමට පමණක් කටයුතු කරන බවක් නාවික හමුදාව සඳහන් කරයි.මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට භාරගැනීමෙන් පසු නිරෝධායන කටයුත්ත සඳහා බූස්ස නාවික හමුදා කඳවුරට ගෙන යාමට නියමිතය.
