ad

Breaking News

සයිබර් ප්‍රහාරවලට කොරෝනා යොදාගෙන..




සයිබර් ප්‍රහාර එල්ල කිරීම සඳහා හැකර්වරු COVID-19 වයිරසය ප්‍රයෝජනට ගන්නා බවත්, ශ්‍රී ලංකා අන්තර්ජාල පරිශීලකයන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කළ COVID-19 වයිරසයේ ස්වභාවය නිසා එම වයිරසය පිළිබඳ සෑම තොරතුරක් ම අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ අවධානය දිනා ගැනීමට නැඹුරු වී ඇති බවත්, එහි ප්‍රතිපලයක් ලෙස සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ රහස්‍ය දත්ත සොරකම් කිරීම සහ කප්පම් මුදල් උපයා ගැනීමේ චේතනාවෙන් සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ අනිෂ්ට මෘදුකාංග බෙදා හැරීම සඳහා සයිබර් අපරාධකරුවන් මෙම හදිසි අවස්ථාව යොදාගනිමින් සිටින බව කියයි