කුමාර සංගක්කාරට කොරෝනා රෝගය වැලදී ඇතැයි සැකයක්..
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සිය නිවසේ ස්වයං නිරෝධායනයේ යෙදී සිටී. තමන් අවසන් සතියේ එංගලන්තයේ සිට මෙරටට පැමිණීම හේතුවෙන් මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.
මෙරටට පැමිණි වහාම ළඟම පොලිස් ස්ථානයට ගොස් ලියාපදිංචි වූ බවත් ඉන්පසු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි තම නිවසේ සිට නිරෝධායනය වන බවත් ඔහු පැවසීය. තමන් තම පවුලේ සාමාජිකයන් සමග හෝ සමීපව කටයුතු නොකරන බවත් එය අසීරු දෙයක් වුවද රට වෙනුවෙන්, පවුල වෙනුවෙන්, සමාජය වෙනුවෙන් එසේ සිදුකරන බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.
