ad

Breaking News

COVID-19 සම්බන්ධයෙන් නිර්මාණය කර ඇති යෙදුම් භාවිතයේදී ප්‍රවේසම් වන්න - ITSSL


COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා නිර්මාණය කර ඇති බොහෝ ජංගම දුරකථන යෙදුම් අතරට සයිබර් අපරාධකරුවන්  විසින් COVID-19 වයිරසයේ ව්‍යාප්තිය ලුහුබැඳීමේ යෙදුම් (tracking apps) නිර්මාණය කොට එමගින් එම යෙදුම භාවිතා කරන පුද්ගලයාගේ පෞද්ගලික දත්ත සහ වෙනත් තොරතුරු එක්රැස් කරගැනීමක් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම corona live 1.1 නම් ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන යෙදුම ඔත්තු බැලීමේ ඔත්තු මෘදුකාංගයක් බව හෙළිවී තිබේ.


COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා ශ්‍රී ලංකාවෙහිද විවිධ වර්ගයේ ජංගම දුරකථන යෙදුම් සහ වෙබ් අඩවි විවිධ පුද්ගලයින් සහ විවිධ සමාගම් විසින් නිර්මාණය කර ඇති අතර බොහෝමයක් යෙදුම් සහ වෙබ් අඩවි පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මාලාවන් ඉදිරිපත් කිරීමට අපොහොසත්වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට අනාවරණය වී ඇත. විශේෂයෙන්ම මෙවැනි පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මාලාවකින් තොරවූ ජංගම දුරකථන යෙදුම් සහ වෙබ් අඩවි වෙත ඔබගේ දත්ත ඇතුලත් නොකරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමය ශ්‍රී ලාංකික ජනතාවට අවධාරණය කරයි.


තවද WhatsApp යෙදුම හරහා මේ දිනවල COVID-19 වයිරසය සම්බන්ධයෙන් (www internet-covid19 com) වැනි විවිධ වර්ගයේ යොමු  (Spam Links) හුවමාරු වන අතර එවැනි යොමු සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙයි.