දුරකථන සම්බන්ධතා විසන්ධි කිරීම වහාම නවතන්න -TRCSL
රටේ පවතින තත්වය හේතුවෙන් ජනතාවගේ දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම TV සම්බන්ධතා විසන්ධි කිරීමකින් තොරව ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සියලුම සන්නිවේදන සේවා ආයතන වලට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.
ඒ පිළිබඳව TRCSL විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ දිනවල අන්තර්ජාල මෙන්ම දුරකථන සම්බන්ධතාවයන් බිල් නොගෙවීම නිසා විසන්ධි කරන බවට සහ පාරිභෝගිකයිනට අදාළ සමාගම් කිසිදු සහනයක් ලබා නොදෙන බවට ජනතාව චෝදනා කරමින් සමාජ ජාල ඔස්සේ විවිධ ප්‍රචාර පල වනවා.

