ඩේටා නැත්තම් කොරෝනා ඉවර උන ගමන් සිම් කඩනවා - පාරිභෝගිකයන්
ඇදිරිනීති සමයේ නිවසට වී භාවිතා කිරීමට දත්ත නොමැතිව මේ වනවිට සමාජ මාධ්‍ය වල පරිශීලකයන් කුපතවී සිටින අතර මෙම තත්වය හේතුවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල මේ සදහා නවතම රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන්ම පවතින අදිරිනිති කාලය තුල නොමිලයේ ඩේටා ලබාදීමට අන්තර්ජාල සේවා සපයන සමාගම් කටයුතු කලනොහොත් කොරෝනා අවසන්වූ සැනින් සිම්පත් කඩා විසික් කරන බව පවසමින් ජනතාව සමාජ මාධ්‍ය සමුහයන් පවා නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට සතියකට ඉහතදී නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයට මෙම නිරෝධායන සමය තුල ගුණාත්මක අන්තර්ජාල සේවාවක් ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබිණි. තවද අන්තර්ජාලය මන්දගාමී ස්වභාවයක් ගන්නා බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය එම නිවේදනයෙහි වැඩිදුරටත් දක්වා තිබිණි.









