ad

Breaking News

කොරෝනා පිලිබඳ සමාජ මාධ්‍ය තුල අසත්‍ය තොරතුරු පැතිරවීම අපරාධමය වරදක් - ITSSL


COVID-19 වයිරසය සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල අසත්‍ය තොරතුරු ජනගත කිරීම 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6 වැනි වගන්තියට අනුව අපරාධමය වරදක්  බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා .

ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට, හෝ මහජන ආරක්ෂාවට හානි සිදුකිරීම හෝ  COVID-19 වයිරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යගත කිරීම වසර පහකට නොවැඩි කාලයක් සදහා දඩුවම් ලබාදියහැකි වරදක් බව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මාධ්‍ය පරිශීලකයන්ට එම සංගමය පෙන්වා දෙනවා .

මේ සම්බන්ධයෙන් ඊයේ  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද ප්‍රසිද්ධ මාධ්‍ය වැඩසටහනකට සහභාගී වෙමින් කරුණු දක්වනු ලැබුවා . මේ මොහොතේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වගකීමකින් යුතුව භාවිත කිරීමට කටයතු කරන ලෙස ඔවුන්  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සියලුම ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියා  .