ad

Breaking News

ගම්මාන 06කට ඇතුළුවීම-පිටවීම තහනම් කෙරේ


ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මාරවිල ප්‍රදේශයේ ගම්මාන 06කට ඇතුළුවීමට සහ පිටවීමට නැවත දන්වන තුරු තහනම් කර තිබේ. ඉහළ නාත්තන්ඩිය, පහල නාත්තන්ඩිය, මැද නාත්තන්ඩිය, මරද උතුර, මරද දකුණ, හාල්පන්විල යන ගම්මානවල මෙම නීතිය බල පවත්වන බව මාරවිල පොලීසිය සඳහන් කරයි.
එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාව දින 14ක් නිවෙස් තුළම රඳවා නිරෝධායනට ලක් වීමට නියමිතය.