යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාව අතහැර යාමට සූදානම් වෙයි.
මෙරට ඉන්ධන වෙලදාම සදහා පැමිණි ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව අතහැර යාමට සූදානම් වෙයි.ඒ අනුව එහි සේවක පිරිස ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
එම සමාගම මෙරට වෙලදපලේ කටයුතු කලේ වසරකටත් අඩු කාලයකි.සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් යොමු කරන ලද ලිපියක සඳහන් වන්නේ ,සමාගමේ පාලනයෙන් බැහැර වූ අනපේක්ෂිත තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවය.
ඒ අනුව ලබන මාසයේ මුල් භාගයේ සිට සේවක කොන්ත්‍රාත් අවසන් කිරීමට නියමිතය.
