ad

Breaking News

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු පක්ෂ එකට එකතු වීමට එකග වේ...

පාර්ලිමේන්තු කටයුතු ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලගේම නායකයන් අද (05) රැස්වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී.ඉදිරියේ දී පාර්ලිමේන්තුවේත් ඉන් පිටතදීත් සාමූහිකව එකට එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකගතාවක් ඇති කර ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බව සඳහන්.ඒ තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුවේ යහපත් දේට සහය දෙනවා සේම රටට ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට ⁣එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතු බවයි.

මෙහි දී සියලු පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ කමිටු කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කර සිටියා.පසුගිය ජනවාරි 29 වැනි දා ද විපක්ෂයේ පක්ෂ සියල්ලගේම නායකයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වා තිබූ අතර මෙය එම සාකච්ඡාවේ දිගුවක් ලෙස ද සඳහන්.