සජබ එජාප එක්වෙයි ඉදිරියේදි එක්ව මැතිවරණයට
එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා. ඉදිරි සතියේදී පක්ෂ නායකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය. මූළික වටයේ මෙතෙක් පැවති සාකච්ඡා ධනාත්මක බැවින් පක්ෂ නායක මට්ටමේ තීරණාත්මක හමු ඉදිරියේදී පැවිත්වීමට නියමිත බවත් අත්තනායක මහතා පැවසුවා.එහිදී මැතිවරණයට ඉදිරිපත් වන ලංඡනය ඇතුලු අනෙකුත් සාධක පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බවත් ඔහු තවදුරටත් කියා සිටියා.
