බොරතෙල් මිළ පහළට...
පසුගිය දිනවලට සාපේක්ෂව ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අද (02) පහළ ගොස් තිබේ.ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 0.27%කින් පහළ ගොස් ඇත.එහි මිල සටහන් වුණේ ඩොලර් 72.53ක් ලෙසයි.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 0.29%කින් පහළ ගොස් තිබේ.ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.67ක් ලෙස සටහන් වුණි
