ad

Breaking News

යෝෂිත රක්ෂිත බන්ධනාගාර ගත කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුවයී.

රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනුණි.

මේවන විට නඩු කරයක් පවතින අදාළ සිද්ධියයේ ප්‍රධාන සැකකාරිය වන්නේ යෝෂිත රජපක්ෂගේ මිත්තණියක් වන ඩේසි ෆොරස්ට් නම් කාන්තාවයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය නියෝග කළේය.

අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.