ad

Breaking News

කටාර්හි තානාපති ලෙස වැඩභාරගත් පළමු කාන්තාව..

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය පසුගියදා දෝහාහිදී වැඩ භාරගත්තාය.ඇය කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව වේ.

මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27ක සේවා අත්දැකීම් ඇති සිතාරා ඛාන් 1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වී ඇති බව සඳහන්ය.විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර තිබේ.

සිතාරා ඛාන් කොළඹ මෙතෝදිස්ත විදුහලේ ආදි ශිෂ්‍යාවක්ය.