ඉතිහාසයේ ඉහළම සංචාරකයින් මේ ජනවාරියේ...
ඉතිහාසයේ ඉහළම සංචාරකයන් පිරිසක් පැමිණි ජනවාරිය බවට මේ ජනවාරිය පත් වීමට නියමිත බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා. දැනට පවතින දත්ත අනුව ජනවාරි 31 වන විට දෙලක්ෂ පනස් තුන් දහස ඉක්ම වූ සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතයි.
මීට පෙර වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි ජනවාරි මාසය උදා වී ඇත්තේ 2018 වසරේ දීය. 2018 වසරේ ජනවාරි මාසයේ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව දෙලක්ෂ තිස් අට දහස් නවසිය විසි හතරකි. ජනවාරි මාසයේ දී ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. දෙවනුවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර, එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනය පසු පසින් සිටිනවා.
