ad

Breaking News

රජය වී ගබඩා පිරිසිදු කර අවසන්...

 


රජයේ වී ගබඩා 84ක් පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර තිබේ.ඒ යුධ හමුදා ශ්‍රම දායකත්වයෙනි.

කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල, කොළඹ, කුරුණෑගල, රත්නපුර, හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්ක වල වී ගබඩා පවිත්‍ර කිරීම යටතේ වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීම රජයේ අරමුණ වී තිබේ.ඒ ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීවයි.