චීනයේ DeepSeek අමෙරිකාව කලඹයි...
චීනයේ DeepSeek යෙදවුම අමෙරිකාවේ ලැබූ අසාමාන්‍ය සාර්ථකත්වය හේතුවෙන් අමෙරිකානු තාක්ෂණික සමාගම්වල කොටස් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.විදෙස් මාධ්‍යවලට අනුව DeepSeek හි නැගී සිටීමත් සමඟ ඊට සමගාමීව අමෙරිකාවේ ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන එන්වීඩියා (Nvidia) සමාගමේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 500කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වෙයි.එය කොටස් මිල සියයට 16කින් කඩා වැටීමකි.
ඉතාමත් ලාභදායීව නිෂ්පාදනය කෙරුණු බවට සැලකෙන චීන සමාගමකට අයත්, DeepSeek යෙදවුම මේ වනවිට අමෙරිකාව තුළ දැඩි ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබේ.ඒ එය ඇමරිකාවට නිකුත් කර, සතියක් ගතවීමටත් මත්තෙන් එරට වැඩියෙන්ම බාගත කෙරුණු යෙදවුම ලෙස වාර්තා අතරට එක්වෙමිනි.චීනයේ DeepSeek යෙදවුම මෙලෙස අමෙරිකාව තුළ ජනප්‍රියවීමත් සමග එරට තාක්ෂණ සමාගම්වල කොටස් මිල කැපී පෙනෙන ලෙස පහත වැටුණි.
ඇපල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් දෙකට පමණක් දෙවැනි වෙමින් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ස්ථානයක පසුවන එන්වීඩියා සමාගමේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.9ක් ලෙස සැලකෙයි.DeepSeek අත්කරගත් මෙම අසාමාන්‍ය ජනප්‍රියත්වයත් සමඟ අඩු වියදම් AI සමාගම් සම්බන්ධව කාගේත් අවධානය යොමුවී තිබේ.අමෙරිකානු ඩොලර් මිලියන 6ක් තරම් සැලකිය යුතු පහළ මිලකින් නිපදවා ඇති මේ යෙදවුම, අමෙරිකානු ඩොලර් බිලියන ගණන් වටිනාකමකින් යුතු චැට්ජීපීටී CHAT GPT වැනි සමාගම්වලට දැවැන්ත අභියෝගයක් නිර්මාණය කර ඇතැයි ද වාර්තා වෙයි.
DeepSeek යෙදවුම ලැබූ මේ ජනප්‍රියත්වය, අමෙරිකානු තාක්ෂණික සමාගම්වලට නැවත සිතාබැලිය යුතු අවස්ථාවක් උදාකර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද පවසා තිබුණි.
