ad

Breaking News

හිටපු ප්‍රබල ලේකම් වරයෙක් CID අත් අඩංගුවට..

ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ එම දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් තිබෙන විමර්ශනයකට  අදාළවයී.

ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.2011 වසරේදී සමුපකාර හා අභ්‍යාන්තර වෙලද අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස හිදිමින් සමුපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් අවභාවිතය සම්බන්ධයෙන් මෙම විමර්ෂශණ පැවැත්වෙයි.