පොදුජන පෙරමුණේ බහුතර පිරිසක් රනිල්ට - ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඔහුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පලකරන බව නිල වශයෙන් දැනුම් දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.එම හමුව අද පස්වරු 5.30 ට ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර මහ පොලොවේ යතාර්තය තේරුම් ගෙන කටයුතු කරන්නැයි තමා පොහොට්ටුවට දැනුම් දෙන බවද හෙතෙම සදහන් කලා.පොහොට්ටුවෙන් ජනාධිපතිවරයාට එල්ල කරන ප්‍රධාන චෝදනාව වන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති සහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති නොගැලපෙන බවයි. තවද වසර දෙකකට කලින් ගැලපුණ ප්‍රතිපත්‍ති අද නොගැලපෙන්නේ කෙසේ දැයි තමන් විමසන බවද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියා.
