උසස් පෙළ විභාග ප්‍රතිඵල එන දිනය මෙන්න
උසස් පෙළ විභාග ප්‍රතිඵල එන දිනය මෙන්න
උසස් පෙළ විභාග ප්‍රතිඵල අනිද්දා ( 05 වැනිදා) නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේවනවිට Z – Scoreලකුණු සකස් කිරීම ඇතුළු ප්‍රතිපල ලේඛණගත කිරීමේ අවසන් අදියරේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.මෙවර ද නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇත.අයැදුම්කරුවෝ තුන්ලක්ෂයක පමණ පිරිසක් විභාගයට පෙනී සිටි අතර විභාගයෙන් සුදුසුකම් ලබන්නන් ලබන සැප්තැම්බර් මාසය ඇතුළත විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.ප්‍රතිඵල නිකුත් කර දින කිහිපයක් ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද ප්‍රකාශ කරයි.
