ad

Breaking News

චීන විදේශ ඇමතිත් දිවයිනට

චීන විදේශ ඇමතිත් දිවයිනට 

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව කෙටි කලක් තුළ දී ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීනයේ ඉහළ පෙළේ දෙවන නිලධාරියා ඔහු වන අතර පසුගිය සතියේ චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මෙරට සංචාරය කළ අතර, ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත වුණා.පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචිගේ දිවයිනට පැමිණියේ 27 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද සමගයි.