ඇණවුම් කළ එන්නත් මිලියනය නියමිත කාලයේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි බව ඉන්දියාවේ සේරම් ආයතනය දැනුම් දෙයි
ඇණවුම් කළ එන්නත් මිලියනය නියමිත කාලයේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි බව ඉන්දියාවේ සේරම් ආයතනය දැනුම් දෙයි
ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත් ඇණවුම් කළ මාත‍්‍රා මිලියනය නියමිත කාලයේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වනු ඇතැයි එය නිෂ්පාදනය කරන ඉන්දියාවේ සේරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දී ඇත.පසුගිය කාලයේදී තම ආයතනයේ ඇති වූ ගින්න නිසා නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට නොහැකි වීමෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවද ඔවූන් පවසා ඇති අතර ඒ අනුව එම ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පවසා ඇත්තේ එම ඇණවුම අවලංගු කර ලබා දුන් අත්තිකාරම් මුදල නැවත ගෙවීමට තමන් සුදානම් බවට එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ එන්නත් ලබා දෙන කාල සීමාව නැවත සකස් කිරීමට සිදු වුවද එම එන්නත් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි විශ්වාස නොකරන බවයි.මෙම එන්නත් තොගය ලැබීමට නියමිතව තිබුනේ අප්‍රේල් හෝ මාර්තු මාසයේදීය.
