ad

Breaking News

කොරෝනා රටින් තුරන් වෙනවා නම් මුහුදට වූවද බිලි වීමට මා සුදානම් - පවිත්‍රා දෙවි

කොරෝනා රටින් තුරන් වෙනවා නම් මුහුදට වූවද බිලි වීමට මා  සුදානම් - පවිත්‍රා දෙවි 

මේ රටින් නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් ම තුරන් වී යන්නේ නම් තමන් මුහුදට බිලිවෙන්න සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ අද  3වෙනිදා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.තවද ඇය පෙන්වා දුන්නේ  විවිධ ආගමික පාර්ශවවලින් සිදු කෙරෙන ඉල්ලීම්වලට ද සවන් දී ආගමික කටයුතුවලට සහභාගි වීමට තමන්ට සිදු වන බවයි. ඒ අනුව තමන් පසුගිය දවසක සහභාගි වූ ආගමික කටයුත්තක් සම්චලයට ලක් කරමින් පවිත්‍රා මුහුදට බිල වී හෝ කොරෝනා තුරන් වනවා නම් හොදයි යනුවෙන් සමාජ ජාලාවල ප්‍රචාරය වූ බව ද ඇය පැවසුවා. තමන් මුහුදට බිලි වී හෝ කොරෝනා මේ රටින් තුරන් වන්නේ නම් එය සිදු කිරීමට නොපැකිළි වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය  පවසා සිටියේ.