වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්වී තිබේ
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්වී තිබේ
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්වී තිබේ.එයට හේතුව සදහන් කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අද දිනයේ අවලංගු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් කරුණු විමසීමේදී ඔහු පවසා ඇත්තේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමනට එම ධුරයෙන් ඉවත්වන ලෙස කරන ලද ඉල්ලීම මත ධුරයෙන් ඉවත් වූයේ යැයි සඳහන් කර ඇතැයි වාර්තා වේ.තවද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් පල නොකරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔහුට දැනුම් දී ඇතැයිද සදහන් වේ.
මීට පෙර ජයරුවන් බණ්ඩාර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලදී.ඊට පසුව එම ධුරය සඳහා වෙනත් අයෙකු නම් කරමින් ඔහු එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලද අතර ඔහු එම ධුරයේ කටයුතු කිරීම ප‍්‍රතික්‍ෂෙප කලේය.
