ad

Breaking News

ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපා දමයි

 

ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපා දමයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වූ පරිදි එම පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.ඒ පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

සමගි ජන බලවේගයේ විධායක කමිටුව පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පවරා තිබේ.ඒ අනුව එම මන්ත්‍රීවරිය සජිත් ප්‍රේමදාස මහතා විසින්  පක්ෂයෙන් නෙරපා හැරීමේ තීන්දුව ගෙන ඇත.තවද එමෙන්ම 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් අනෙකුත් මන්ත්‍රීවරුන් හත් දෙනා සම්බන්ධව තීරණය ගැනීමේ බලය ඔවුන් නියෝජනය කරන පක්ෂවල නායකයන් වෙත පවරා තිබෙන අතර  ඔවුන් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය සමගි ජනබලවේගයේ විධායක කමිටු වෙත දැන්විය යුතුය.