එන්නතක් විසවී හම්බන්තොට පිළිකා රෝගීන් දෙදෙනෙක් මරුට
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකුට Abevmy යන වෙළඳ නාමයෙන් ඉදිරිපත් කර ඇති Bevaxzumab නමැති එන්නත ලබා දීමෙන් පසු මියගිය බවට ඇති වූ සැකයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. Biocon/Mylan India යන සමාගමෙහි නිෂ්පාදනයක් වන මෙම එන්නත මෙරටට ගෙන්වා ඇත්තේ Markss Healthcare Pvt Ltd වෙතිනි.
මෙම එන්නත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ලබා දීම ද තාවකාලිකව අත්හිටවූ බව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසිරි ප්‍රකාශ කළ බව ‘අරුණ’ පුවත්පත වර්තා කරයි.
ඉකුත් අගෝස්තු පළමු වැනි දා මෙලෙස මියගොස් ඇත්තේ හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩී.එස්. මාලනී යන අය බවත් ඇය ‘කුඹුක් සෙවණ’ නිල්වැල්ල, දික්වැල්ල යන ලිපිනයේ පදිංචිකාරියක බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඇයගේ මරණයෙන් දින කිහිපයකට පසුව එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි ඩී.ඒ. සොමිනෝනා නමැති කාන්තාවට ද මෙම එන්නත දී ඇති බවත් ඇය ද සැකකටයුතු ලෙස මිය යාමත් නිසාම මෙම රෝගීන් මියයාමට මෙම එන්නත හේතුවක් වී ඇත්ද යන සැකය මතු වූ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
