ad

Breaking News

නිළ නොවන මැතිවරණ ප්‍රථිපල සමාජ මාධ්‍ය හරහා මුදා හරින අයට දැඩි දඩුවම් - ITSSL


නිළ නොවන මැතිවරණ ප්‍රථිපල සමාජ මාධ්‍ය හරහා මුදා හරින අයට දැඩි දඩුවම්  - ITSSL

නිළ නොවන මැතිවරණ ප්‍රථිපල සමාජ මාධ්‍ය හරහා හුවමාරු කරගැනීමෙන් වලකින ලෙසත් එසේ කිරීම දැඩි දඩුවම් හිමිවන වරදක් බවත්  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.

මේ වනවිට ෆේස්බුක් හා වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම් මගින් නිළ නොවන මැතිවරණ ප්‍රථිපල හුවමාරු වීමක් සිදුවන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටින ‍දේශපාලන පක්ෂ නියෝජිතයන් හරහා එම නිළ නොවන ප්‍රතිඵල පිටවන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී තිබේ.මැතිවරණ කොමිසම විසින් අනුමත නොකරන ලද හෙවත් නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙස සියලුම නීතිගරුක පුරවැසියන්ගෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉල්ලා සිටිමු.

පහතින් එම නිවේදනය දැක්වේ.